ටෙක්සාස් ගංවතුරෙන් ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමුන් 20කට වැඩි පිරිසක් අතුරුදන්…

සිකුරාදා (ජූලි 4) අලුයම එක්සත් ජනපදයේ මධ්‍යම ටෙක්සාස් ප්‍රාන්තයට ඇති වූ හදිසි ගංවතුරකින් පසු ජනප්‍රිය ටෙක්සාස් ගිම්හාන කඳවුරකින් තරුණ ගැහැණු ළමයින් 20 කට වැඩි පිරිසක් අතුරුදහන් වී තිබෙනවා.

හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීන් පවසා තිබෙනවා.

ටෙක්සාස් ප්‍රාන්තයට මෙම ගංවතුර බලපානු ලැබුවේ ග්වාඩලුප් ගඟ එක රැයකින් මිනිත්තු 45 ක් තුළ අඩි 26 (මීටර් අටක්) ඉහළ යාමත් සමඟ ය.

සැන් ඇන්ටෝනියෝ හි වයඹ දෙසින් පිහිටි කලාපය හරහා විනාශකාරී ගංවතුර ගැලීම සිදුව තිබුණා.

ජීවිත හානි තව දුරටත් වැඩි විය හැකි බව බලධාරීන් පවසා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර ළමුන් ද සිටින බව ද වාර්තා පවසනවා

ග්වාඩලුප් ගඟ දිගේ පිහිටි ක්‍රිස්තියානි ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමුන් 750 දෙනා අතර අතුරුදන් වූ 25 දෙනෙකු සිටින අතර එම දරුවන් මුදා ගැනීම් සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි පවසන්නේ.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...