හිටපු ඇමති ටිරාන්ට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට පෙරේදා ඩුබායි සිට පාතාල නායකයෙකුගෙන් මරණ තර්ජනයක් එල්ල වී ඇතැයි වාර්තා වෙනවා. පසු ගිය පස් වෙනිදා දුරකතන ඇමතුම් ඔස්සේ ඩුබායි හි රැඳීසිටින පාතාල කල්ලි නායකයකු ඔහුට මෙම තර්ජයන සිදු කර තිබු අතර හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මේ අනුව අදාළ තර්ජනය පිළිබඳව පොලිස්පති නියමයෙන් මෙවන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ටිරාන් අලස් මහතා ආරක්ෂක ඇමතිවරයාව සිටි සිටියදී රටින් පලා ගොස් සිටින පාතාල නායකයින් හා පාතාල සාමාජිකයන් නැවත ගෙන්වීමට නියෝග ලබා දෙමින් විදෙස්ගත පාතාලය මර්දනය සඳහා විශේෂ මෙහෙයුම් සිදු කරනු ලැබුවා.

මරණ තර්ජනය එම නියෝගයන්ට අදාළව සිදුකරන ලද බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...