රූකඩ වෙන්නෙ නෑ කිව්ව මේ ආණ්ඩුව නටන්නෙත් IMF පදේට.. විපක්ෂ නායක

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩ නොවන බව පැවසූ වත්මන් රජය මේ වන විට රට පාලනය කරන්නේ ඊට අනුව බවත් එසේ නොකරන කොන්ද පණ ඇති ආණ්ඩුවක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජාත්‍යන්තර ආයතන කියන කියන පදයට නටන රූකඩ ආණ්ඩු තුළින් ගොවියාගේ, කර්මාන්තකරුවාගේ, තරුණ තරුණියන්ගේ හා ජනතාවගේ ගැටලු විසඳෙන්නේ නැති බව ඔහු පවසා තිබෙනවා.

‘සූරයෝ’ සහ ‘ජගතෝ’ යැයි කියූ වත්මන් රජයේ මැති ඇමැතිවරු IMF පදේට නටන්නේ නැති බව පැවැසුවත් අන්තිමේ IMF පදේට ම නටමින් රට තවත් ආර්ථික මර උගුලක් කරා ගෙන යන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මේ ආණ්ඩුව බොරුවෙන්, විජ්ජාවෙන් සහ මුළාවෙන් රට ගෙනියන බවට විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.

ලබන 2028 වන විට නැවත වරක් විදේශ ණය ගෙවීමට සිදුවන බවත් ඒ සඳහා සියයට 5ක ආර්ථික වර්ධනයක් තබාගත යුතු වුවත් මේ වසරේ සියයට 3.5ක් සහ ලබන වසරේ එය සියයට 3.1ක් ලෙස පුරෝකථනය කර ඇති බව ද ඔහු පවසනවා.

ඒ අනුව, IMF ගිවිසුමේ වෙනසක් අවශ්‍ය බවත් විදේශ ණය ගෙවන වසර වෙනස් කර ගත යුතු බවත් එය 2033 කළ යුතු බවත් විපක්ෂ නායක අවධාරණය කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!