තවත් වසර 40ක් ජීවත් වන බවට 90 වැනි ජන්ම දිනය දා දලයි ලාමාතුමන් කළ ප්‍රකාශය

ටිබෙටයේ බෞද්ධ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාතුමන් උන්වහන්සේගේ 90 වැනි ඡන්ම දිනය ඊයේ (ජුනි 06) සනිටුහන් කළා.

උන්වහන්සේගේ 90 වන උපන්දිනයට පෙර දිනයේදී උන්වහන්සේට දීර්ඝායුෂ යාඥා කිරීම සඳහා අනුගාමිකයන් විසින් සංවිධානය කරන ලද උත්සවයකදී දලයි ලාමාතුමන් සඳහන් කර ඇත්තේ තමන් අවුරුදු 130ක් ජීවත්වන බවයි. මරණයෙන් පසු තමාගේ පුනරුත්පත්තිය සිදු වනු ඇති බව ද උන්වහන්සේ පවසා තිබෙනවා.

“මේ දක්වා මම මගේ උපරිමය කර ඇති අතර අවලෝකිතේශ්වරගේ අඛණ්ඩ ආශිර්වාදයෙන් මම තවත් අවුරුදු 30ක් හෝ 40ක් ජීවත් වීමට බලාපොරොත්තු වෙමි. ජීවමාන මිනිසුන්ට හා සහ බුද්ධ ධර්මයට සේවය කිරීම දිගටම කරගෙන යන්නෙමි”

දලයි ලාමාතුමන් මීට පෙර දෙසැම්බර් මාසයේදී රොයිටර් පුවත් ඒජන්සියට පැවසුවේ අවුරුදු 110ක් ජීවත් විය හැකි බවයි.

සියවස් ගණනක් පැරණි තනතුර පිළිබඳ වසර ගණනාවක් පුරා පැවති මතභේදයන් දුරු කරමින් “අතීත සම්ප්‍රදායට” අනුකූලව තෝරාගත් අනුප්‍රාප්තිකයෙකු තමාට ලබා ඇති බවද දලයි ලාමාතුමන් තහවුරු කර තිබෙනවා.

බදාදා වීඩියෝ පණිවිඩයකින් ආයතනය ආරක්ෂා කිරීම සඳහා තමා විසින් පිහිටුවන ලද ගේඩන් ෆොඩ්‍රැන්ග් පදනමට ඔහුගේ අනාගත පුනරුත්පත්තිය හඳුනා ගැනීමට බලය ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ.

ටිබෙට් බෞද්ධ නායකයින් තම අනුප්‍රාප්තිකයා සොයනු ඇති අතර “මේ කාරණයට මැදිහත් වීමට වෙනත් කිසිවෙකුට එවැනි අධිකාරියක් නොමැති” බව ද අවධාරණය කර සිටියා.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...