ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ සර්වකාලීන වාර්තාව වූ ලකුණු 400ටෙස්ට් වාර්තාව බිඳ දැමීමට ලකුණු 34ක් ඉතිරිව තිබියදී ඉනිම 367ක් ලෙස අවසන් කිරීම පිළිබඳව වියාන් මෝල්ඩර් සුවිශේෂී අනාවරණයක් කර තිබෙනවා.

ඔහු මෙම තීරණය ගනු ලැබුවේ ලාරාගේ උරුමයට ගරු කිරීමක් වශයෙන් බවයි සඳහන් කර ඇත්තේ.

මෝල්ඩර් නොදැවී ලකුණු 367 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට ගත් කම්පන සහගත තීරණය නිසා ලාරාගේ වාර්තාව ඔහුගේ නමින්ම තවදුරටත් ලියවී තිබෙනු ඇත.

“අපිට ඇති තරම් තිබුණා, අපි පන්දු යැවිය යුතුයි කියලා මම හිතුවා. දෙවනුව, බ්‍රයන් ලාරා පුරාවෘත්තයක්. ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 401ක් ලබාගත්තා”

මේ මොහොත ගැන මෙනෙහි කරමින්, දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයා පැවසුවේ එම ඉලක්කය පසුකර නොයෑම ගැන තමාට කිසිදු පසුතැවිල්ලක් නොමැති බවත් සමහර වාර්තා නොසළකා හැරිය යුතු බවත්ය.

“ඒ තරාතිරමේ කෙනෙකුට ඒ වාර්තාව තබාගැනීම ඉතා විශේෂයි. මට නැවත අවස්ථාවක් ලැබුණොත්, මම බොහෝ විට ඒ දේම කරනු ඇතැයි මම සිතනවා” ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

එම කැප කිරීමත් සමඟ මෝල්ඩර් දැන් බ්‍රයන් ලාරා, මැතිව් හේඩන් සහ මහේල ජයවර්ධනට පසුව වැඩිම තනි ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරුවන් ලැයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවෙනවා.

Latest News

More like this

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...