ජපානය දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ට්‍රම්ප් තීරුබදු ලිපි යවයි…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය රටවල් 14 ක ප්‍රධානීන් වෙත ඔවුන්ගේ තීරුබදු අනුපාත ඇතුළත් ලිපි යවා තිබෙනවා.

ඒ සමඟම ඔහු චීනය හැර අනෙකුත් සියලුම රටවල් සඳහා තීරුබදු ක්‍රියාත්මක වන දිනය අගෝස්තු 01 වැනිදා තෙක් දීර්ඝ කිරීමටද පියවර ගෙන තිබුණා. මෙම රටවල් සමහරක් එක්සත් ජනපදය සමඟ සියයට 1 ට වඩා අඩු වෙළඳාමක් සිදු කළද, මෙම රටවලින් ප්‍රධාන අපනයන තර්ජනයට ලක් විය හැකි බැවින් තීරුබදු තවමත් ඔවුන්ට දැඩි ලෙස බලපෑම් කළ හැකි බව සඳහන්ය.

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා සහ දකුණු කොරියාවේ ජනාධිපති ලී ජේ-මියුන්ග් ට්‍රම්ප්ගේ ලිපි ලබන්නගේ ලැයිස්තුවේ මුල් පෙළේ පසුවන බව වාර්තා වෙනවා.

ලිපිවලට අනුව අගෝස්තු 1 වන දින සිට රටවල් දෙකම 25% ක තීරුබදු ප්‍රතිශතයකට මුහුණ දීමට නියමිතය. නමුත් රටවල් දෙකම අඟහරුවාදා, එක්සත් ජනපදය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව කියා තිබුණා. ජපානය වෙළඳ ගිවිසුමක් සඳහා කටයුතු කරන බවයි පවසනු ලැබුවේ.

මැලේසියාව, කසකස්තානය, දකුණු අප්‍රිකාව, මියන්මාරය සහ ලාඕසය යන රටවලට සමාන ලිපි යවා ඇති බවත් ඔවුන්ගේ නායකයින්ට 40% ක් තරම් ඉහළ නව තීරුබදු අනුපාත දැනුම් දෙන බවත් ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කර තිබෙනවා.

පසුව එදිනම, ඔහු ටියුනීසියාව, බොස්නියාව සහ හර්සගෝවිනා ඉන්දුනීසියාව, බංග්ලාදේශය, සර්බියාව, කාම්බෝජය සහ තායිලන්තය යන රටවල නායකයින්ට ද ලිපි නිකුත් කළ අතර සඳුදා බෙදා හරින ලද මුළු ලිපි සංඛ්‍යාව 14 ක් බව වාර්තා වුණා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...