ධම්මික පෙරේරා තවත් ප්‍රධාන පෙළේ සමාගමක් මිලදී ගනී..

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වුණු ධම්මික පෙරේරා මහතා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත, දේපළ කළමනාකරණ හා සංවර්ධන සමාගමක් වන East West Properties PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අද (08) දින අත්පත් කරගෙන තිබෙනවා.

එහිදී East West Properties PLC හි කොටස් මිලියන 106.99ක් එක කොටසක් රු. 30.20 බැගින් හුවමාරු කෙරුණා.

මෙය සමාගමේ නිකුත් කරන ලද කොටස්වලින් 77.40% ක ප්‍රමාණයකි.

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන නහීල් විජේසූරිය මහතාට සහ ඔහුගේ පවුල් සාමාජිකයින් වෙත East West Properties සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය බෙදී ගොස් තිබුණු අතර එම කොටස් සියල්ල මෙහිදී හුවමාරු වී ඇති බව වාර්තා වෙනවා.

මෙම ගනුදෙනුව හරහා වාර්තා වූ පිරිවැටුම රු. බිලියන 3.23කි.

East West Properties විසින් වර්ග අඩි 100,000 කට වඩා වැඩි ගබඩා ඉඩක් සහ වර්ග අඩි 30,000 ක වාණිජ කාර්යාල ඉඩක් ක්‍රියාත්මක කරන බව සඳහන් වෙනවා.

Crescat Residencies හි මහල් නිවාස 32 ක් ඇතුළුව දේපළ කිහිපයක් සමාගම සතුව ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

රාජ්‍ය ණය බර අඩුවෙලා

2025 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට රජය ගෙවිය...

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික...

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...