නොසලකා හරින ලද මුතු රාජා තායිලන්තයට නැවත කැඳවා ගනී

ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදී තිබූ ධාතු කරඩුව වඩම්මන ‘මුතු රාජා’ හස්තියා සත්ව හිංසනයේ ප්‍රතිඵලයක් ලෙස තායිලන්තය විසින් නැවත කැඳවාගනු ලැබ තිබේ.

මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ”මුතු රාජා” නොහොත් ”සක්සුරින්” හස්තියා යළි අද (2) උදෑසන තායිලන්තය බලා ගෙන ගොස් ඇත්තේ රුසියාවේ නිෂ්පාදිත විශේෂ ගුවන් යානයකිනි.

ශ්‍රී ලංකාව තුළ දැනට සිටින හීලෑ ඇතුන් අතරින් දිගම දළ යුගලයේ හිමි හස්තියා වන්නේ මුතු රාජා හස්තියායි. නමුත් මෙම හස්තියා රැකබලා ගැනීමේදී දක්වා ඇති නොසැලකිලිමත් භාවය නිසා අවස්ථා ගණනාවක විවිධ රෝගාබාධයන්ට මෙම හස්තියාට මුහුණදීමට සිදුවී තිබෙනවා.

මුතු රාජා හස්තියා ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් තනන ලද විශේෂිත ආරක්ෂිත කූඩුවක් භාවිතා කර තිබේනවා. ආරක්ෂිත කැමරා වලින් ද සමන්විත මෙම කූඩුව තුළ දී හස්තියාට ආහාර පාන ලබා දීමේ හැකියාව ද ලබා දී තිබෙනවා.

මෙම හස්තියාට තායිලන්තයේදි විශේෂිත ප්‍රතිකාර කිරීම නියමිත බව මෙරට සත්වෝද්‍යාන බලධාරීන් මාධ්‍යයට ප්‍රකාශ කළා.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...