වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එබැවින් වාහන ආනයනය ගැන අනියත බියක් ඇතිකරගත යුතු නැති බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඇමති නලින්ද ජයතිස්ස මහතා වැඩි දුරටත් සඳහන් කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක සීමාව තුළ වාහන ආනයන කටයුතු සිදුවන බවයි. ඒ සම්බන්ධයෙන් සිමීත සුපරික්ෂාවකින් රජය කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නා.

තවමත් අදාළ ආනයන සීමාව පසුකර නැහැ.

මෙම වාහන ආනයන වියදම් විවිධ මාධ්‍යවලදී අඩුවැඩි වන බව ඇමැතිවරයා සඳහන් කරනු ලැබුවා.

දැනට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක වාහන ආනයන සීමාව ඉවත් කිරීමට කිසිදු සාකච්ඡාවක් හෝ තීරණයක් ගෙන නැති බවද ඇමැතිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

Latest News

error: Content is protected !!