රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සඳහන් කරනු ලැබුවා.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති අනිල් ජයන්ත මහතා…,

රේගුව හරහා අදාළ කන්ටේනර් නිදහස් කිරීමට එම නිලධාරීන්ට අපි නිදහස දී තිබුණා. එය අතීතයේත් සිදුවුණා. කෙසේ වෙතත් කන්ටේනර් 323ක් එළියට යෑමත් සමග දේශපාලන මැදිහත්වීමකින් මේවා එළියට ගියා කියා විපක්ෂය චෝදනා කළා. මේකට ආණ්ඩුකාරවරයාත් සම්බන්ධයි කියවුණා. මේ ගැන ජනාධිපති නියමයෙන් 2025 ජනවාරි 30 දා සාමාජිකයන් පස් දෙනකුගෙන් යුතුව පරීක්ෂණ කමිටුවක් පත් කළා. මේ වාර්තාව දැන් ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. අපි කියනවා මේකට කිසිම දේශපාලන මැදිහත්වීමක් වෙලා නෑ. මේ වාර්තාව දැන් සමාජ මාධ්‍ය හරහා එළියට ඇවිත් තිබෙනවා. මෙම වාර්තාවේ අන්තර්ගතයේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මේ වාර්තාව අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනුත් පරීක්ෂණයක් සිදු වෙමින් තිබෙනවා.

විපක්ෂ නායක – මම අහපු ප්‍රශ්නවලට ඇමැතිතුමා පිළිතුරු දීමෙන් වැළකී සිටිනවා. මම මේකේ ප්‍රශ්න නවයක් අසා තිබෙනවා. මේ වාර්තාව දැන් මුජුබර් රහුමාන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා. රජය මේක ඉදිරිපත් කළේ නැත්තේ ඇයි? මේ සිද්ධිය පිටුපස මහ මොළකරුවකු හෝ මහමොළකරුවන් සිටින බව කියවෙනවා. ඇයි මේ වාර්තාව අදවත් ඉදිරිපත් කරන්නේ නැත්තේ?

අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ඔබතුමන්ලාගේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන්නේ සමාජ මාධ්‍යයේ ගිය වාර්තාවක්. අපි මේ වාර්තාව නිල වශයෙන් මේ සභාවට ඉදිරිපත් කරනවා. අපි ඊට කිසිම මැළිකමක් නෑ. මෙය විශාල වාර්තාවක්. අපි ඉදිරිපත් කළ පසුව ඒ ගැන විවාදයක් වුවත් කරන්න පුළුවන්.

විපක්ෂ නායක – මේ ගැන මුලින්ම හෙළි කළේ දේශපාලනඥයන් නොවෙයි රේගු නිලධාරීන්. දැන් ලොකු වාර්තාවක් තිබෙනවා නම් කියවා එය සභාගත කරන්නේ නැත්තේ ඇයි?

අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – වාද කරන්න අවශ්‍ය නෑ. අතීතයේ ඇතැම් වාර්තා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේවත් නෑ. අපි මේ වාර්තාව සභාගත කරලා හොඳට අධ්‍යයනය කරලා ඒ ගැන විවාද කරමු. අපිටත් අවශ්‍ය හැම දෙයක්ම නිසි ක්‍රමවේදයට අරගෙන යන්නයි.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...