රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස තුනක කාලය තුළ එළිදක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ පනත මේ වන විට කෙටුම්පත් කරමින් පවතින බවයි.

ජනමාධ්‍යයට අදාළව ඕනෑම ආචාරධර්ම සංග්‍රහයක්, ප්‍රතිපත්තියක්, පනතක් නිර්මාණයේදී ක්ෂේත්‍රයේ පුද්ගලයන්ගේ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව එය සකස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියා.

මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන, පුද්ගලයන්, ප්‍රවීණයන් විසින් ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කරන අතර ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා එහිදී අවධානය යොමු කර ඇතැයි ද, මෙම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ආණ්ඩුවෙන් ලබාදෙන බව ද එහිදී සඳහන් කෙරුණා.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය වනුයේ ජනමාධ්‍ය නියාමනය නොව, ජනමාධ්‍ය සමග සිදු කරන විධිමත් සාකච්ඡාවකින් එකඟතාවකින් කටයුතු කිරීම බවයි අමාත්‍යවරයා කියා සිටියේ. නීති පැනවීමට වඩා මාධ්‍ය සමග සාකච්ඡා මට්ටමින් කටයුතු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බවත් පවතින නීතියට අනුව කටයුතු නොකරන මාධ්‍ය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කරනු ලැබුවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!