බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

බදුල්ල කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ජී.ඩබ්ලිව්.බී.එස්. පලිපාන මහතා මුල්ම වරට එම අනාවරණය සිදු කරමින් මෙය ඉතා බරපතල කණස්සලට හේතු වන බව පවසා තිබෙනවා.

ලෝක සම සෞඛ්‍ය දිනය සැමරීම සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ ඊයේ (08) පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු අනාවරණය කර ඇත්තේ, උපකාරක පන්තිවලට සහභාගී වීමේ මුවාවෙන් දරුවන් නිවසින් පිටව ගොස් වනාන්තරබද ප්‍රදේශවල විවිධ පුද්ගලයන් සමඟ දවස ගත කිරීමට පුරුදු වී සිටින බවයි.

“මේ ගැටලුව විසඳීම සඳහා සොරබොර වැව් රක්ෂිතයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. මහියංගන ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දරුවෙකුට HIV ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා. වයස අවුරුදු 16 ට අඩු දරුවෙකුට කැමැත්තෙන් වුවද අපයෝජනය කිරීම නීතිවිරෝධීයි” ඔහු සඳහන් කර තිබෙනවා.

“ළමයින් තම පැහැය වෙනස් කර ගැනීමට රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමට පුරුදු වී සිටින අතර එමඟින් සමේ රෝග ඇති වෙනවා. වෛද්‍ය උපදෙස් නොමැතිව රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීම සමේ ස්වාභාවික සුන්දරත්වය විනාශ කරන අතර සමට විශාල හානියක් සිදුකරනවා. විවාහක කාන්තාවන් රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා නාස්තිකාර වියදම් සිදුකිරීම නිසා පවුල් ආරවුල් ඇති කරනවා. පවුලේ සුභසාධනය සඳහා භාවිතා කළ යුතු තම ස්වාමිපුරුෂයන් උපයන මුදල් ඔවුන් නාස්ති කරනවා” යැයි සහකාර පොලිස් අධිකාරී පලිපාන තවදුරටත් පවසා තිබුණා.

චර්ම රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කසුන් ජයසිංහ, නියෝජ්‍ය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ සහ මනෝචිකිත්සක වෛද්‍ය කමල් වල්ගම යන අයද මෙම සම්මන්ත්‍රණය අමතා තිබෙනවා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...