දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට වඩාත් පහසු කිරීම ඇතුළු කාර්යක්ෂම බදු පරිපාලනයක් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (ජූලි 8) පැවති සාකච්ඡාවේදීය.

මෙහි ප්‍රධාන අරමුණු වන, බදු අක්‍රමිකතා අවම කිරීම, බදු ක්‍රමය සරල කිරීම, බදු විනිවිදභාවය ඉහළ නැංවීම සහ ගනුදෙනු සඳහා POS (Point of Sale) යන්ත්‍ර හඳුන්වා දීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්ය.

මෙම සාකච්ඡාවේදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින RAMIS (Revenue Administration Management Information System) පද්ධතිය ඉදිරියට පවත්වාගෙන යන ආකාරය හා දේශීය වශයෙන් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය, RAMIS පද්ධතියේ දැනට පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ ඒ සඳහා තාක්ෂණික විසඳුම් ලබාදීම යනාදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබුණා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...