විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 9) නියෝග කරනු ලැබුවා.

ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංගගේ නියෝගයෙන් සැකකාරීය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාව මත කෙසෙල්වත්ත පොලිසිය මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය පරිදි වාචිකව කරුණු දැක්වීමක් නොකරන බවයි.

ඒ අනුව, මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් CCTV දර්ශනවල ඇතුළත් කරුණු පොලිසිය විසින් අධිකරණයට පැවසීමෙන් පසුව සැකකාරියගේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරිය කොන්දේසි විරහිතව සමාව අයදීමට සූදානම් බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ඇප මත මුදා හැරීමට නියම කළ අතර පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වන දා කැඳවන ලෙස නියම කර තිබෙනවා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...