ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට අදාළ තීරුබදු ප්‍රතිශතය 30%ක් ලෙස නම් කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි පළ කරන ලද ලිපියේ පිටපතකට අනුව, මීට පෙර අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැනවූ 44%ක් වන ප්‍රතිශතය 14%කින් අඩු කිරීමක් සිදුව තිබෙනවා.

මෙම පියවර රටවල් කිහිපයක් ඉලක්ක කරගත් පුළුල් තීරුබදු පැනවීමේ කොටසක් ලෙස පැමිණෙන්නකි. 2025 අගෝස්තු 1 වන දින සිට මෙය බලාත්මක වෙයි.

වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් ඊයේ (09) තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුණා.

ශ්‍රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද 30% ක තීරුබදු පනවා තිබෙනවා.

කෙසේ වෙතත් බෲනායි සහ මෝල්ඩෝවා සඳහා 25%ක් ලෙසත්, පිලිපීනය සඳහා 20%ක් තීරුබදු පනවන බවයි දැනුම් දී තිබෙන්නේ.

ප්‍රතිනැව්ගත කිරීම හරහා තීරුබදු මඟ හැරීමට ගන්නා ඕනෑම උත්සාහයකට ඉහළ දඬුවම් ලැබෙනු ඇති බව ද ඔහු නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.

ශ්‍රී ලංකාව තමන්ගේම තීරුබදු ඉහළ නැංවීමකින් පළි ගැනීමකට උත්සහ කළහොත්, එක්සත් ජනපදය 30% බද්ද සමාන මුදලකින් වැඩි කරන බවට අනතුරු ඇඟවීමක් ද එහි ඇතුළත් වෙනවා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...