කොළොම්බියාවේ බූරුවෙකුට බෝම්බයක් සවිකර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරයි..

වයඹ දිග කොලොම්බියාවේ බූරුවෙකුට සවි කර තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් සොල්දාදුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

කොලොම්බියාවේ, වැල්ඩිවියාවේ ඇන්ටොයෝක්වියා අසල මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර, බලධාරීන් එය වාමාංශික අන්තවාදී කණ්ඩායමක් වන ELN ගරිල්ලා සංවිධානයේ ප්‍රහාරයක් බවට චෝදනා එල්ල කරනවා.

ගැටුම්වලින් පීඩාවට පත් දකුණු ඇමරිකානු රටක් වන කොළොම්බියාව දශකයක් තිස්සේ දරුණුතම ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන රටකි.

රජය මෑතකදී එම කණ්ඩායම සමඟ සාම සාකච්ඡා අත්හිටුවා ඇති බව වාර්තා පවසනවා.

වෙනිසියුලා දේශසීමාව අසල සිදු වූ වැටලීම්වලින් 100 කට අධික පිරිසක් මිය යාම සම්බන්ධයෙන් ද ELN සංවිධානයට චෝදනා එල්ල වුණා.

එතැන් සිට, වාමාංශික කණ්ඩායම රටේ ආරක්ෂක හමුදාවන්ට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර තිබෙනවා.

ප්‍රහාරකයින් බූරුවාට පුපුරණ ද්‍රව්‍ය බැඳ සොල්දාදුවන් කණ්ඩායමක් වෙත එවා ඇති බව වැඩි දුරටත් සඳහන්ය.

දශක ගණනාවක ගැටුම්වලින් පසු “සම්පූර්ණ සාමය” අත්කර ගැනීමේ ප්‍රකාශිත ඉලක්කය ඇතිව, වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ 2022 දී බලයට පත් වූ අතර සන්නද්ධ කණ්ඩායම් මාලාවක් සමඟ සාම සාකච්ඡා නැවත විවෘත කරනු ලැබුවා.

2016 දී ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු එහි විශාලතම කැරලිකාර හමුදාව වන FARC නිරායුධ කිරීමට හේතු වූ දා සිට කොලොම්බියාව දශකයකට ආසන්න කාලයක් සාපේක්ෂ සාමයක් භුක්ති විඳිමින් සිටියා.

එහෙත් රටේ කුඩා ප්‍රදේශ තවමත් පාලනය කරනු ලබන්නේ විවිධ වාමාංශික ගරිල්ලන්, දක්ෂිණාංශික පැරාමිලිටරි කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, නීති විරෝධී පතල් කැණීම් සහ ජාවාරම් මාර්ග පාලනය කිරීම සඳහා තරඟ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසිනි.

පෙට්‍රෝගේ ධුර කාලය තුළ, කොකේන් වෙළඳාමෙන් අරමුදල් සපයන සන්නද්ධ කණ්ඩායම් ශක්තිමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!