විජිත ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට එක් වෙයි

ජූලි 8 සිට 11 දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැත්වෙන 58 වන ‘ආසියාන්’ (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (10) ක්වාලාලම්පූර් වෙත ගොස් තිබෙනවා.

2025 වසර සඳහා ආසියාන් හි සභාපතිත්වය දරන්නේ මැලේසියාවයි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය කලාපීය හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ පැවැත්ම අවධාරණය කරනු ලබන්නකි.

එහි ඉහළ මට්ටමේ සැසිවාරවලදී ශ්‍රී ලංකාව සහ ආසියාන් සාමාජික රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

කලාපය පුරා විදේශ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්වීමට සහභාගී වන අතර, එය ප්‍රධාන කලාපීය ප්‍රමුඛතා ආමන්ත්‍රණය කිරීම සහ අග්නිදිග ආසියාව පුරා වැඩි සහයෝගීතාවයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...