මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන ලද මුදලෙන් ඉතිරි කොටස බැංකුවට ලබා දීමේදී රජය ඒ සඳහා යම් කොන්දේසි හෝ සීමාවක් පැනවීමට උත්සහ කළහොත් දේශීය වෙළඳපොළේ වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව වාහන ආනයනකරුවන් අනතුරු අඟවා තිබෙනවා.
වාහන ආනායනය සඳහා රජය මෙම වසරේ වෙන් කරන ලද මුදලෙන් මේ වනවිට ඉතිරිව ඇති මුදල කෝටි 20කි.
රජය ඒ සඳහා වෙන් කරනු ලැබූ මුළු මුදල වූයේ ඇමරිකානු ඩොලර් බිලියනයකි. එයින් ඇමරිකානු ඩොලර් 800ක ණයවර ලිපි දැනටමත් විවෘත කර තිබෙන බව වාහන අනායනකරුවන් පවසනවා.
වාහන නැවත ආනයනය ආරම්භ කරන අවස්ථාවේ මෙම වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ වාහන ආනයනය කරනු ඇතැයි රජයේ අපේක්ෂාව වුණා. නමුත් අධික ඉල්ලුම හේතුවෙන් ඉදිරි මිලියන 200 ලබා ගැනීම පිළිබඳ යම් අවිනිශ්චිතතාවක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අවුරුද්ද සහ වෙන්කර ඇති ඉතිරි මිලියන 200 ලබා දෙන ආකාරය පිළිබඳව නිශ්චිතව දැන ගැනීමට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව මෙහිදී සඳහන් කරනු ලැබුවා.
එහිදී නව කොන්දේසි පැනවුවහොත් හෝ සීමා කිරීම් හඳුන්වා දුනහොත් දේශීය වෙළඳපොළේ වාහන මිල අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ සඳහන් කර තිබෙනවා.