ජ’පුර රෝහලේ තත්ත්වය බරපතලයි…

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා ඉවත් නොකර එම තනතුර සඳහා වෙනත් වෛද්‍යවරයෙකු පත් කිරීමෙන් එහි පරිපාලන අර්බුදයක් හටගෙන ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කටයුතු කළ අතර ඔහු අසනීප තත්ත්වයෙන් නිවාඩු ලබාගෙන සිටියදී එම තනතුරට වෙනත් වෛද්‍යවරයෙකු පත් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කර තිබෙන බවයි රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එහෙත් ජයවර්ධනපුර රෝහලේ තනතුරු සඳහා පත් කිරීම් බලධාරියා වන්නේ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය වන අතර සෞඛ්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි ද එම ආරංචි මාර්ග පවසනවා.

රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතුකළ හේවගේ මහතා ඉවත් කිරීම ලිඛිතව දැනුම් දී නැති අතර ඒ සඳහා වන රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ද ලබා දී නැති පසුබිමක වෙනත් අධ්‍යක්ෂවරයෙකු පත් කිරීම නීති විරෝධී බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු පත් කිරීමේ සූදානමක් ද පවතින බව සඳහන්ය.

මේ අතර රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍යවරයා ඉකුත් සතියේ පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වී තිබෙන අතර මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුව තිබෙන බව ද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා. එම රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යවමින් විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතා පිළිබඳව ඔවුන්ගේ බරපතල කණස්සල්ල ප්‍රකාශ කර ඇති බව ද සඳහන්ය.

මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කර විශේෂඥ තාක්ෂණ වාර්තාවක් ලබා දෙන ලෙස එම සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!