හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන අප්සාරි තිලරත්න මහත්මිය පසුගිය දා වෙබ් අඩවියකට ලබා දුන් සාකච්ඡාවක් කතාබහට හේතු වුණා.

එම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටීම සඳහා ඇය ඇඳ සිටි ඇඳුම ඊට හේතුවයි. ඇය එහි දී ඇඳ සිටියේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ නිල ඇඳුම වන අතර ඇය මේ වන විට ඇය ශ්‍රී ලංකා ගුවන් සේවය නියෝජනය කරන්නියක හෝ එහි සේවය කරන්නියක නොවේ.

එබැවින් ඇයට එම ගුවන් සේවයේ නිල ඇඳුම ඇඳීමට අවසර තිබේද යන්න පිළිබඳ කතා බහක් නිර්මාණය වූ අතර ශ්‍රී ලංකා ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කරන්නේ සියලුම ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවකයින්, ගුවන් සේවිකාවන් සේවයෙන් විශ්‍රාම ගැනීමේදී තම නිල ඇඳුම් සහ අනෙකුත් ආම්පන්න ආයතනයට භාර දිය යුතු බවයි.

එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අප්සාරි මගත්මියගේ මෙම ක්‍රියාව නීති විරොධී බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට ගුඅව්න් සේවය පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...