රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ වෙළෙඳ ගිවිසුමකට යා හැකි නම් එය ඉතා සුබදායක තත්ත්වයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසා තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අන්‍යෙන්‍ය බදු පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. එහිදී ඔහු පවසා ඇත්තේ ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට පනවා තිබූ සියයට හතළිස් හතරක (44%) තීරු බද්ද සියයට තිහ (30%) දක්වා අඩු කරගැනීම ඉතා හොඳ තත්ත්වයක් බවයි.
මෙම සියයට 30ක තීරුබදු පැනවීම රටට මෙතෙක් නොතිබූ බද්දක් බවත් එම පැනවීමට අපි මුහුණදී ගෙවිය යුතු බවත් ඔහු සඳහන් කරනවා. එමෙන්ම ඇමරිකාවේ තීරුබදු පැනවීම, එය වෙනස් කිරීම වැනි තත්ත්වයක් පවතින බවත් කී ඒ මහතා එම නිසා නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි පවසන්නේ.
ඇමරිකාව විසින් තවමත් රටවල්වලට තීරුබදු පැනවීම සිදුකර ගෙන යන බවත් එම බදු පැනවීමේ වාසිය, අවාසිය ගැන නිශ්චිත නිගමනයකට එළඹිය හැකි වන්නේ අනෙකුත් රටවල් සමග සැසඳීමෙන් පසුව බවත් අතුකෝරාල මහතා පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයා ගෙන ඇති බදු ප්‍රතිපත්තිය රටක් ලෙස ඔවුන්ගේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ උපාය මාර්ගයක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඇමරිකාවේ අපනයනවලට වඩා ආනයන වැඩියෙන් පැවතීම නිසා වෙළෙඳ ශේෂයේ හිඟයක් පවතින බවත් එම හිඟය පියවා ගැනීම සඳහා බදු වැඩි කිරීම සිදුකර තිබෙනවා. අප වගේ රටවල ආර්ථිකය දුර්වල මට්ටමක පවතින බවත් ඇමරිකාවේ බදු පැනවීම නිසා අපට ආර්ථිකමය වශයෙන් සිදුවන අපහසුතාවය මගහරවා ගැනීම සඳහා නව වෙළෙඳපොළවල් වෙත යෑම කෙරෙහි අවධානය යොමුකර එයට යොමු විය යුතු බවත් අතුකෝරාල පවසනවා.