SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට අදාළව සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ යහපාලන රජයේ මුළු කැබිනට් මණ්ඩලයම බරපතල වරදක් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ අද (11) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

“මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනය මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් ඉවත් කර සීමිත සමාගමක් බවට පත් කිරීම සම්බන්ධයෙන් යහපාලන රජයේ මුළු කැබිනට් මණ්ඩලයම වැරදිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.”

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද යහපාලන රජයේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වූ බැවින් මෙම වංචාවට ඔහුද වගකිව යුතු බවයි.

යහපාලන කැබිනට් මණ්ඩලයේ සියලුම නියෝජිතයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා සහ අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...