එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන දින හෝ ඊට පෙර ඇමරිකා එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවට හඟවනු ලබන ප්‍රකාශයක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් අද (11) පාර්ලිමේන්තුවේදී සිදු කර තිබෙනවා.

අගෝස්තු 1 වන දිනට පෙර ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකා අපනයන සඳහා සියයට 30 ක බද්දක් අය කරන බව එක්සත් ජනපද රජය ශ්‍රී ලංකාවට යොමු කළ ආචාරශීලී ලිපියෙහි සඳහන් වූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුට ප්‍රකාශ කළේ තවදුරටත් බදු සහන ලබා ගැනීම සඳහා අගෝස්තු 1 වන දිනට පෙර ශ්‍රී ලංකා රජය ඇමරිකා එක්සත් ජනපදය සමඟ සංවාදය දිගටම සිදු කරගෙන යනු ඇති බවයි.

එක්සත් ජනපදය සමඟ ද්වි පාර්ශවික වෙළඳ ගිවිසුමකට එළැඹීමට රජය සූදානම් බවට රජය ලබා දුන් පළමු ඇඟවුම වන්නේ මෙයයි.

Latest News

More like this

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...

ලංකාවට අත දෙන්න චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් ජවිපෙ මූලස්ථානයට පැමිණේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජිත කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක්...

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...