ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවනු ලැබූ 30%ක තීරුබදු තවදුරටත් අඩු කර ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අමෙරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කිරීමට නියමිත නව අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිපත්තියට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය, වර්තමාන තත්ත්වය සහ මෙම තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සමඟ මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග පිළිබඳව අපනයන කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමඟ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ඇමරිකාව පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැනවූ 44%ක තීරුබදු අනුපාතය 30%දක්වා පහත හෙළීම රජය ඇමරිකානු රජය සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා තවදුරටත් එම අනුපාතය පහත හෙළීමට අවශ්‍ය සාකච්ඡාවල අඛණ්ඩව නිරත වන බව ජනාධිපතිවරයා කියා සිටියා.

එහිදී මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජන ජීවිතයට වඩාත් හිතකර ලෙස සංශෝධන සිදු කර ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබුවා.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී එහි ධනාත්මක පැතිකඩ පිළිබඳ අවධානය යොමු කරමින් නව වෙළෙඳපොළ ප්‍රවේශයන් හඳුනා ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සහ අපනයන විවිධාංගීකරණය සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!