ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස කැලිෆෝනියාවේ එරික් මේයර් පත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

පළපුරුදු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එරික් මේයර්ගේ නම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනෙට් සභාවට යෝජනා කර ඇති බව සඳහන්ය.

ජ්‍යේෂ්ඨ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර් දැනට දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කරනු ලබනවා.

ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසකස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා කාර්යාංශ අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීම එම තනතුරෙහි ඔහුගේ භූමිකාව ලෙස සඳහන් වෙනවා.

මොහු නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නේටෝවේ නවතම සාමාජික රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්ජේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස ද සේවය කරනු ලැබූ නිලධාරියෙකි.

ඊට පෙර, ඔහු කාම්බෝජයේ නොම් පෙන් හි කොන්සල් ජනරාල්වරයා වූ අතර එහිදී ඔහු වැඩබලන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙසයි සේවය කරනු ලැබුවේ.

එරික් මේයර් කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද ලබා තිබෙනවා.

ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තු උසස් සහ කුසලතා ගෞරව සම්මාන කිහිපයක් ලබා ඇති අතර ඩෙන්මාර්ක, ප්‍රංශ, කෙමර්, රුසියානු සහ ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව පවතී.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...