මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, එම තනතුර සඳහා ඔහුගේ නාමයෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

මෙම සංසදය නියෝජ්‍ය සම සභාපතිවරුන් 5ක ගෙන්ද සමන්විතයි.

මෙම සංසදයේ සමාරම්භක රැස්වීම ඊයේ (11) පැවැත්වුණු අතර එහි අනාගත කටයුතු සාකච්ඡා කිරීම සඳහා සංසදය ජූලි 22 වන දින නැවත රැස්වීමට නියමිතය.

Latest News

error: Content is protected !!