ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260 දෙනෙකුට දිවි අහිමි කරමින් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම යැයි මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කර ඇති වාර්තා වේ සඳහන් වන ආකාරයට යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ සිතා ගත නොහැකි අන්දමේ හැසිරවිමකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු නොවීම මෙම අනතුරට හේතුවයි.

අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය දත්ත සහ ගුවන් යානයේ ‘කළු පෙට්ටියේ’ පටිගත දත්ත අනුව මෙම තොරතුරු හෙළී වී තිබෙනවා.

අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් ‘තත්පර 1ක කාල පරතරයකින් එකින් එක RUN සිට CUTOFF ස්ථානයට මාරු කරන විට’ ගුවන් යානය 180ක (airspeed of 180 knots) වේගයකට ළඟා වී ඇති බව සඳහන්ය.

පටිගත වී ඇති දත්ත වල සටහන්ව ඇති ආකාරයට එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් ” ‘RUN සිට CUTOFF’ ලෙසට මාරුකළේ ඇයි ? ” යනුවෙන් විමසන ආකාරය පටිගත වී තිබෙනවා.

අනෙක් නියමුවා ඊට පිළිතුරු දෙමින්, “තමා එසේ කළේ නැහැ.. ” යනුවෙන් පිළිතුරු දී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව අදාළ ස්විචය යළි තිබිය යුතු ස්ථානයට ආපසු හරවන අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශන වාර්තාවේ සඳහන් වන්නේ.

මෙම පාලන ස්විච්චය ස්වංක්‍රියව ක්‍රියා කරන්නේ නැති අතර එය ගුවන් නියමුවන් ම හැසිරවිය යුතු ස්විචයකි .

මේ ආකාරයට, ඉන්ධන ස්විච අක්‍රිය වීම ‘අතිශය දුර්ලභ’ අවස්ථාවක් බව ගුවන් විශ්ලේෂකයන් මෙම වාර්තාව අධ්‍යනය කර පවසා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...

ලංකාවට අත දෙන්න චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් ජවිපෙ මූලස්ථානයට පැමිණේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජිත කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක්...

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...