ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට සියලුම යුරෝපා සංගමයේ (EU) සහ මෙක්සිකානු ආනයන සඳහා 30% ක තීරුබදු පනවන බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක නායකයින් එම තීරණයට එරෙහිව පෙළ ගැසෙමින් සිටින බව වාර්තා වෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සෙනසුරාදා (12) එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය තර්ජනයක් ලෙස දකිමින් හෙළා දැක තිබුණා. ඔහු යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබුණේ යුරෝපීය අවශ්‍යතා ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.

ප්‍රංශ ජනාධිපති සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් යුරෝපා කොමිසම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට පූර්ණ සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා සහ ගිවිසුම්වලදී යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අන්‍යොන්‍ය ගෞරවය පිළිබිඹු විය යුතු බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. තවද නියමිත දිනට පෙර කිසිදු ශක්‍ය ගණුදෙනුවකට එළැඹීමට නොහැකි වුවහොත් විශ්වාසදායක ප්‍රති පියවරයන් සඳහා සූදානම් වන ලෙසද ඔහු ඉල්ලා තිබෙනවා.

මේ අතර ජර්මනිය ද කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමේ මැක්‍රෝන්ගේ ඉල්ලීම සමඟ එක් වී ඇති බවයි වාර්තා වන්නේ. යුරෝපා සංගමය දැන් ඉතිරිව ඇති කාලය තුළ, ප්‍රායෝගික ආකාරයකින් එක්සත් ජනපදය සමඟ විසඳුමක් සාකච්ඡා කළ යුතු බව ජර්මනියේ ආර්ථික අමාත්‍ය කැතරිනා රීච් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. ජර්මානු කර්මාන්ත සම්මේලනය (BDI) එම හඬම ප්‍රතිරාවය කරමින් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියමාර්ග සඳහා අවතීර්ණ විය යුතු බව පෙන්වා දී තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...
error: Content is protected !!