30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය විසින් පැන වූ සියයට 30ක තීරු බද්ද තවදුරටත් අඩුකර ගැනීම රජයේ අරමුණ වී ඇති අතර ඒ සඳහා දෙවැනි මෙහෙයුම මේ වන දියත් කර තිබෙනවා.

එහි පළමු පියවර ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පත් කළ නියෝජිත කමිටුව හමු වුණා.

මේ අනුව මෙම කමිටුව අද (13) සිට තීරු බදු බලපෑම්වලට ලක්වන අපනයන ක්ෂේත්‍රවල සංගම්, ව්‍යාපාරික ප්‍රජාව හා විද්වතුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

දැනට වැඩිම ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනු ලබන්නේ ඇඟලුම් වන අතර එම ක්ෂේත්‍රයේ විශේෂඥයන් හා වෘත්තීය ප්‍රජාව මේ දිනවල කමිටුව හමු වී අදහස් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන් පසුව ඇමරිකානු රජයේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරන බව කම්කරු ඇමැති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබෙනවා.

අගෝස්තු මස 01 වැනිදා වනවිට බදු සම්බන්ධ අවසන් තීරණය ක්‍රියාත්මක වන නිසා ඉදිරි දින 18 ඇතුළත මෙම සාකච්ඡා මෙහෙයුම ක්‍රියාත්මක වීමට නියමිතය.

Latest News

More like this

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...

අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා...