ඩිජිටල් අයිඩී එක හරහා ශ්‍රී ලාංකිකයන්ගේ සියලු දත්ත විදෙස් රටක් යටතට පත් වීමේ අවධානමක්

ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම විදෙස් රටකට ලබාදීමෙන් මෙරටේ සියලු දත්ත එම රටට ලබාගැනීමේ හැකියාවක් ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත විද්වතුන් පෙන්වා දී තිබෙනවා.

එම ක්‍රියාවලිය විදෙස් රටකට භාර දීමට සූදානම් වන්නේ තොරතුරු තාක්ෂණ ආයතනය (ICTA) ඇතුළු ආයතන රටේ තිබියදීය.

විදෙස් රටක් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව 2025 ජුනි 30 වැනිදා එම රටේ පුවත්පත්වල සහ වෙබ් අඩවිවල පමණක් ශ්‍රී ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත සකසා දීම සඳහා එම රටේ සමාගම්වලට පමණක් ඉදිරිපත් වීමට හැකි ටෙන්ඩරය පළ කිරීමට කටයුතු කර තිබුණා. මෙය පෙර නොවූ විරූ ආකාරයේ සිදුවීමකි.

මෙහිදී සියලුම මෘදුකාංග සහ ඊට සම්බන්ධ සියලුම භාණ්ඩ සහ සේවාවන් එම රටේ සමාගම්වලින් ලබාගත යුතු බවත් වසරක් තුළ එම ක්‍රියාවලිය නිමා කළ යුතු බවත් මේ සඳහා ඔවුන්ට ශ්‍රී ලාංකික සමාගමක් සම්බන්ධ කරගත හැකි බවත් එහි සඳහන් වෙනවා.

එහෙත් කිසිදු හේතුවකින් ලාංකික සමාගමට මෙහි අයිතිවාසිකමක් නොමැති අතර ඔවුන්ට සියයට පනස් එකක (51%) අයිතියක් හිමි නොවේ. එම රටේ සමාගමට සියයට පනස් එකක (51%) හෝ ඊට වැඩි ප්‍රතිශතයක් තිබිය යුතු බව එහි සඳහන් වන බව ද මෙරට විද්වතුන් අවධාරණය කර සිටිනවා.

මෙහි ඉතාමත්ම බැරෑරුම් කාරණය වන්නේ මෙරට දත්ත කිසිදු ලෙසකින් එම රටට නොයන බව කිවූව ද යම් ලෙසකින් ශ්‍රී ලාංකික දත්ත එම රට වෙත යෑමේ අවදානම පැවතීමයි. එම විදේශීය රටට අවශ්‍ය නම් අනාගතයේදී මෙරට සියලු දත්ත මෙමගින් පහසුවෙන් ලබාගත හැකිවනු ඇති බව යි විද්වතුන් පෙන්වා දෙන්නේ.

මෙවැනි මෘදුකාංගයක් විදෙස් රටකින් ලබාගැනීම නොකළ යුතු බවත් අවශ්‍ය නම් තොරතුරු තාක්ෂණ ආයතනය හෝ සුදුසු ආයතනයක් ටෙන්ඩර් කැඳවා පළපුරුදු ආයතනයක් රට තුළින්ම තෝරා ගැනීමෙන් රටේත් සමාජයේත් තොරතුරුවල රහස්‍ය භාවය මෙරට තුළම තබා ගැනීමට රජයේ ආයතනවලට හැකියාව ඇති බව ඔවුන් සඳහන් කරනවා.

ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම වෙනත් රටකට ලබාදීමට යෑමෙන් රටට සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දක්වා තිබුණා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...