කොළඹ කොටස් පිම්මේ ඉහලට.. බැංකු කොටස් අහසේ…

දින පහකට පසු අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භයේ සිටම විශාල වශයෙන් ඉහළ යමින් තිබේ.

විශේෂයෙන්ම බැංකු සහ මුල්‍ය ආයතන වල කොටස් සදහා මෙහිදී වැඩි වශයෙන් ඉල්ලුමක් ඇති වී ඇත.

ඒ හේතුවෙන් ඒවායේ මිල ගණන් වල සැලකිය යුතු ඉහළ යෑමක් පෙන්නුම් කරමින් තිබේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට බලපෑම් නොවීමත් ඒවායේ ලාභ ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් මෙසේ එම කොටස් මිලදී ගැනීම සඳහා ගණුදෙනුකරුවන් පෙලඹී සිටිති.

Latest News

error: Content is protected !!