තලෙයිබාන් ක්‍රමයට ඇමරිකාවට පණිවිඩයක්

තලෙයිබාන් සංවිධානය පාලනය කරනු ලබන ඇෆ්ගනිස්තානයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා තලෙයිබාන් ක්‍රමයට නිර්මාණය කරනු ලැබූ වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතී.

එම වීඩියෝව ආරම්භ වන්නේ මුහුණු ආවරණය කරනු ලැබූ ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් පෙන්වමිනි.

සුළු මොහොතකින් මුහුණු නිරාවරණය කෙරෙන අතර ප්‍රාණඇපකරුවන්ගෙන් එක් අයෙකු සිනාසෙමින් ඇෆ්ගනිස්තානයට සාදාරයෙන් පිලිගන්නා බව පවසමින් ඔහුගේ මහපට ඇඟිල්ල පෙන්වන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.

මෙම වීඩියෝව ඇෆ්ගනිස්ථානය සාමකාමී, සංචාරක-හිතකාමී ස්ථානයක් ලෙස නැවත ලකුණු කිරීමේ උත්සහයකි.

නිෂ්පාදකයින් ඒ සඳහා අඳුරු හාස්‍යය භාවිතා කිරීම මෙහි විශේෂත්වයයි.

තත්පර 50 ක ක්ලිප් එක නිර්මාණය කර ඇත්තේ ජාත්‍යන්තර අමුත්තන්ට සංචාරක පැකේජ පිරිනමන සංචාරක ආයතනයක් වන රාසා ඇෆ්ගනිස්ථාන් හි නිර්මාතෘ යෝසාෆ් ආරියුබි විසිනි.

වීඩියෝවේ තවදුරටත් ආයුධ සන්නද්ධ මිනිසුන් සිනාසෙමින් කැමරාවට සාමයේ සංඥා ලබා දෙන ආකාරය ද පෙන්නුම් කරනු ලබනවා.

ඔවුන් වීඩියෝව තුළ එක්සත් ජනපද නිෂ්පාදනය කරනු ලැබූ රයිෆලයක දර්ශන මෙන්ම ආයුධ සන්නද්ධ මිනිසුන් මෙන්ම විදේශිකයින් සුඛෝපභෝගී ඇෆ්ගනිස්ථාන හෝටල්වල විනෝදවන ආකාරයද දක්වා තිබෙනවා.

මෙය ඇෆ්ගනිස්තානය පිළිබඳ පවතින බටහිර සංකල්පවලට අභියෝග කරමින් ඇෆ්ගනිස්තානය තුළ සංචාරකයකුට අත් විඳිය හැකි යථාර්ථය පෙන්නුම් කිරීමට ගත් උත්සයක් ලෙසයි පෙනී යන්නේ.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...