රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක් රජය මේ වන විට සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙනවා.

එම ව්‍යාපෘතිය සඳහා ගවයන් ගෙන්වීම වෙනුවට උසස් තත්වයෙන් යුතු ගව ශුක්‍රානු මෙරටට ගෙන්වීමට පියවර ගනිමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරනු ලැබුවා.

ඊයේ (14දා) පැවැති ‘ජාතික පශු’ සම්පත් සැලැස්ම එළිදැක්වීමේ උළෙලට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

Latest News

error: Content is protected !!