රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නේ නම් ඒ පිළිබඳව ලබන 18 වැනිදා තම අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (14දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නොතිසි නිකුත් කරනු ලැබුවා.

රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කිරින්ද ධීවර වරායේ සිදුකළ වැලි කැපීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන සිදුකරන බවත් එකී විමර්ශන අනුව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවේ පවසනු ලැබුවා.

එබැවින් සිය සේවාදායකයා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කිරින්ද ධීවර වරාය සුද්ධ පවිත්‍ර කිරීම, වැලි ගොව්වා නෞකාව යොදාගෙන සිදුකළ බවත් ඊට අදාළ විදේශීය සමාගම මුදල් ගෙවීම පැහැර හැරීම නිසා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවත් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...