‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි ‘භාතිය’ හස්තියා අද (15) උදෑසන මිය ගොස් තිබෙනවා.

ප්‍රතිකාර කරමින් සිටි අතර හස්තියා පොල්පිතිගම ප්‍රදේශයේ කැලය මැද වතුර වළකට වැටීමෙන් දින ගණනාවක් තිස්සේ ඉතා පීඩාකාරී තත්ත්වයට පත්ව සිටියා.

වෙඩි වැදීමකින් පසු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පැය විසිහතර පුරා හස්තියාට ප්‍රතිකාර ලබා දීම සඳහා කටයුතු කරනු ලැබූ අතර හස්තියාගේ තත්ත්වය දිනෙන් දින නරක අතට පත්වන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, මාංශ පේශි ක්ෂය වීම සහ රුධිර සංසරණය දුර්වල වීම හේතුවෙන් ඇතා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව පශු වෛද්‍යවරු සඳහන් කරනු ලැබුවා.

දින කිහිපයක් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු, සුවය ලබා ගැනීමට සහාය වීම සඳහා ඊයේ (14) ඇතා දොඹකර ආධාරයෙන් අනිත් පැත්තට හරවනු ලැබූ අතර තත්ත්වය වඩාත් අසාධ්‍ය බව පශු වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණා.

‘භාතිය’ යනු වයස අවුරුදු 30 ත් 35 ත් අතර වයසැති, තේජාන්විත හස්ති රාජයෙක් වන අතර දැඩි ලෙස අසාධ්‍ය තත්වයෙන් දින ගණනක් පීඩා ලැබුවේ හිත් පිත් නැති මිනිසෙක් කණ හරහා යාමට එල්ල කරනු ලැබූ වෙඩි පහරක් නිසාවෙනි.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...