ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය කාන්තාවක පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්‍තාව පෙරේදා (14) දහවල් 12.30ට පමණ බීච් හට් හෝටලයේ සිට ඕසෙන් ස්කයි පිවිසුම දක්වා මෙලෙස උඩුකය නිරුවතින් ගමන් කර ඇති බව පොලිසිය පවසනවා.

මෙම කාන්තාව තායිලන්ත කාන්තාවකි.

පොතුවිල් පොලිසියේ කාන්තා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන පොතුවිල් පොලිස් ස්ථානයට ගෙන විත් තිබුණා.

මෙම කාන්තාව අමෙරිකන් ජාතික සැමියා සමඟ මෙරටට පැමිණ ඇත්තේ එංගලන්තයේ සිටය.

මෙම මස 11 වැනි දින සිට 20 දක්වා ආරුගම්බේ සංචාරක කලාපයේ සංචාරක හෝටලයක කාමර වෙන් කරගෙන තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඇගේ සැමියා පොලිසියට පවසා ඇති ආකාරයට අදාළ කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන්නියකි.

සැමියා සමඟ ඇති කරගත් ආරවුලක් මත ඇය මෙසේ මාර්ගයේ ගමන් කර තිබෙනවා.

මෙම කාන්තාව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සති හයක සිර දඬුවමක් නියම කරමින් වසර 5කට එය අත් හිටුවනු ලැබුණා.

1841 අංක 4 දරන පාදඩ ආඥා පනතින් මෙම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...