ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත් 65,000ත් අතර මුදලකට අලෙවි කිරීමේ ජාවාරමක් මේ වන විටත් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.

රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා රුපියල් 12,000කට මිල නියම කර තිබෙන ටිකට්පත්, තැරව්කරුවන් කිහිප දෙනෙකු මඟින් විදේශිකයන් අතට පත් කිරීමේදී පස් ගුණයකින් මිල ඉහළ යන බව අනාවරණය වී තිබෙනවා.

මහනුවර රැජින හෝටලයේ කොරිඩෝවේ එක් කොටසක් ටෙන්ඩර් දී තවත් කොටසක නගර සභාව මඟින් ආසන පනවා ඇති බව සඳහන් ය.

එම ටිකට්පත් අන්තර්ජාලය ඔස්සේ විකුණනු ලබන්නේ රුපියල් 12,000, 15,000, 18,000 වැනි මිල ගණන්වලටයි.

අලෙවිය ආරම්භ කළ අවස්ථාවේම ඇතැම් පුද්ගලයින් ටිකට්පත් 100 හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිලට ගෙන ඇති බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසනවා.

පෙරහර මංගල්‍යය ආරම්භවු පසු මොවුන් මෙම ටිකට්පත් අධික මිලගණන්වලට විකුණන බව ඒ මහතා සඳහන් කර තිබෙනවා.

පෙරහර ටිකට් පත් අලෙවි කිරීමේදී මිල පාලනයක් නොමැති බවත් පෙරහර සමයේදී ඇතැම් ව්‍යාපාරිකයින් තම ව්‍යාපාරික ස්ථාන ඉදිරිපට පරිශ්‍රය පෙරහර ආසන පැනවීම සඳහා රුපියල් මිලියන ගණන්වලට බදු දෙන බව සඳහන් කළ ඒ මහතා, බදු ලබා ගන්නා පුද්ගලයින් ඉල්ලුම අනුව සිතූ සිතූ මිල ගණන්වලට ටිකට්පත් අලෙවි කරන බව අවධාරණය කර තිබෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!