ඊශ්‍රායලය එල්ල කළ මාරාන්තික ප්‍රහාරයෙන් පසු සිරියාව ගැටුම් ඇති වූ කලාපයෙන් හමුදාව ඉවත් කරගනී

සිරියානු රජයේ හමුදා සමඟ මාරාන්තික ගැටුම්වලට සම්බන්ධ අරාබි සුළුතර කණ්ඩායමක් වන ඩෲස් වෙත සහාය දැක්වීම සඳහා යැයි පවසමින්, ඊශ්‍රායලය බදාදා (16) සිරියානු අගනුවර වන ඩමස්කස් වෙත බලගතු ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.

ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබූ බව සිරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙනවා. බදාදා ඩමස්කස් හි රජයේ ගොඩනැගිලි කිහිපයකට ඊශ්‍රායලය පහර දීම සිරියාව දැඩි ලෙස හෙළා දැක ඇති අතර, එහි ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාර ගැටුම් තීව්‍ර කිරීමක් ලෙස හඳුන්වා තිබෙනවා.

එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාරය හඳුන්වා ඇත්තේ සිරියාවේ ආතතිය අවුලුවාලීමට, අවුල් සහගත තත්වයක් ඇති කිරීමට සහ ආරක්ෂාව අඩපණ කිරීමට ඊශ්‍රායල ගනු ලබන උත්සහයක් ලෙසයි. මේ අතර සිරියානු රජය ඩෲස් ජන කොට්ඨාශය සමඟ සමඟ නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ නමුත් කණ්ඩායම අතර බෙදීම් මධ්‍යයේ එය බලාත්මක වේද යන්න පැහැදිලි නැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී, ඊශ්‍රායලය සිරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ජනාධිපති මන්දිරය අසල ප්‍රදේශයක් ඉලක්ක කර ගත් බව හමුදා නිලධාරියෙකු තහවුරු කරනු ලැබුවා.

පසුගිය දෙසැම්බරයේ අසාද් පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාවට ප්‍රහාර එල්ල කරමින් සිටින ඊශ්‍රායලය පවසන්නේ එරට රජය සමඟ ගැටුම් ඇති කරගෙන තිබෙන අරාබි සුළුතරයක් වන ඩෲස් ආරක්ෂා කිරීම ඔවුන්ගේ අරමුණ බවය.

නමුත් ඊශ්‍රායලය පහර දීමට ගත් තීරණය පිටුපසසැබෑම පෙළඹවීම වත්මන් සිරියානු රජයට ඔවුන්ගේ විරෝධය බවයි ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මීට පෙර රටේ නව නායකයින් “අන්තවාදී ඉස්ලාමීය පාලනයක්” සහ ඊශ්‍රායල රාජ්‍යයට තර්ජනයක් ලෙස හඳුන්වා තිබුණා.

ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුව, බදාදා සවස සුවයිඩාවෙන් තම හමුදා ඉවත් කර ගන්නා බව සිරියානු රජය නිවේදනය කර තිබෙනවා.සුවයිඩා ඩෲස් ජනතාව ප්‍රධාන වශයෙන් වාසය කරන සිරියාවේ ගැටුම් ඇති වී ඇති කලාපයයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!