ලංකාවේ තරුණයින්ට දරු සිහිනය අත් හරින්න වෙයි.. UNFPA වාර්තාව

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

වර්තමානයේ මෙරට උපත් අනුපාතිකය 1.9 කි. ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය 2.1 ක අගයට වඩා එය අඩු අගයක පවතින බව වාර්තාව පෙන්වා දෙනවා.

UNFPA නියෝජිත කුලී අඩෙනියි මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමඟ පැවති සාකච්ඡා වලදී ඔවුන්ගෙන් බහුතරයක් පවුලක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන නමුත්, පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔවුන් එම තීරණය කල් දමා ඇති බවයි පවසා ඇත්තේ.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජීවන වියදම දෙගුණ වීම හා නිවාස හා ආහාර සඳහා වන වියදම් විශාල ලෙස ඉහළ ගොස් තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් තරුණ පිරිස් පවුලක් ආරම්භ කිරීමේ අපේක්ෂාව තාවකාලිකව නවතා දමා තිබෙනවා.

තවද, UNFPA වාර්තාවට අනුව දරුවන් ලැබිය හැකි වයසේ පසුවන වැඩිහිටියන්ගෙන් ආසන්න වශයෙන් 20% ක් විශ්වාස කරන්නේ තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව බිහි කිරීමට නොහැකි වනු ඇති බවයි.

Latest News

More like this

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...