ලෝක ප්‍රසිද්ධ Tomorrowland වේදිකාව ගිනි ගනී…

ලෝක ප්‍රසිද්ධ බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගයට දින දෙකකට පෙර ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එහි ආරම්භක දිනය පැවැත්වීමට නියමිතව තිබුණේ 100,000 ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙනි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානි සිදුව නැහැ. වේදිකාවට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා පවසන්නේ.

මෙම විචිත්‍රවත් සංගීත උළෙල එළැඹෙන සිකුරාදා ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිත අතර එය සති අන්ත දෙකක් පුරා පැවැත්වීමට නියමිතව තිබුණා.

එයට පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇති බවයි අපේක්ෂා කෙරුණේ.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...