ගාසා හි එක් දිනක් තුළ ළමුන් 10 දෙනෙකුට දෙපා අහිමි වේ

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීන දරුවන් 10 දෙනෙකු දිනකට එක් කකුලක් හෝ කකුල් දෙකම අහිමිවන බව පලස්තීනයේ රාජ්‍ය නොවන සංවිධානයක් පෙන්වා දී තිබෙනවා.

දරුවන් ශාරීරික හා මානසික අතින් පරිහානියට පත් වීම භයානක තත්ත්වයක පවතී.

ගාසා තීරයේ පලස්තීන රාජ්‍ය නොවන සංවිධාන ජාලයේ (P.N.G.O.) සාමාන්‍යාධිකාරී අම්ජාඩ් අල්-ෂාවා, පලස්තීන ජාතිකයින් 35,000 ක් පමණ ශ්‍රවණාබාධ ඇතිවීමේ අවදානමක් ඇති බව ද පෙන්වා දී තිබෙනවා.

යුද්ධය සහ අවතැන් වීම හේතුවෙන් ආබාධිත පලස්තීන ජාතිකයින්ගෙන් සියයට 83 කට අත්‍යවශ්‍ය සහායක උපකරණ සඳහා ප්‍රවේශය අහිමි වී ඇති බව යි ඔහු පවසන්නේ.

අඛණ්ඩව සිදුවන ඊශ්‍රායල ආක්‍රමණය හේතුවෙන් පලස්තීන ජාතිකයින් 58,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දරුවන් සහ කාන්තාවන් අසාමාන්‍ය දුක් වේදනාවන්ට ලක් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

2023 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය සමඟ ගැටුම ආරම්භ වූ දා සිට යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය දැඩි ලෙස බිඳ වැටී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ දත්ත වාර්තාවලට අනුව ගාසා තීරයේ ළමුන් 40,500 කට වැඩි පිරිසක් ඇතුළුව පුද්ගලයින් 134,105 දෙනෙකුට යුද්ධයට නිරාවරණය වීමෙන් නව තුවාල සිදු වී තිබෙනවා.

එහි 25%ක් ජනතාවට දැඩි හා අඛණ්ඩ පුනරුත්ථාපනයක් අවශ්‍ය නව ආබාධ ඇති වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

Latest News

More like this

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...

ඉරාකයේ සාප්පු සංකීර්ණයක් ගිනිගෙන ජීවිත් 60ක් අළුවෙයි

නැගෙනහිර ඉරාකයේ අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක ඇති වූ දැවැන්ත...

ලෝක ප්‍රසිද්ධ Tomorrowland වේදිකාව ගිනි ගනී…

ලෝක ප්‍රසිද්ධ බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගයට දින දෙකකට පෙර...
error: Content is protected !!