කොළඹ මහාධිකරණය නතාෂාට ඇප ලබාදෙයි..

අද උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කල නතාෂා එදිරිසුරියට ඇප ලබා දෙන්නට කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත්වරයා අද(05) නියෝග කලේ ඇය ලබා 12වෙනිදා දක්වා යලි බන්ධනාගාර ගත කිරීමටයි.

නමුත් මහාධිකරණයට ගොනුකළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු ඇයට ඇප ලබාදීමට කටයුතු කර ඇත.

නතාෂා එදිරිසූරිය ප්‍රහසන ශිල්පිනියට එරෙහිව චෝදනා නගා තිබුණේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත ඇතුළත් කරමින් ය.

Latest News

error: Content is protected !!