ආරුගම්බේ ප්‍රදේශයේදී උඩුකය නිරුවතින් ඇවිදනු ලැබූ කාන්තාවක් බව පවසමින් අධිකරණය මඟින් අත් හිටවූ සිර දඬුවමක් නියම කරනු ලැබූ කාන්තාවගේ ස්ත්‍රී පුරුෂභාවය සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් මතු වෙමින් පවතී.
එම කතාබහ මතුව ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ සංචාරකයාගේ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් බෙදා ගැනීමත් සමඟය. තායි ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍ර ඡායාරූපයේ ඔහුගේ ස්ත්‍රී පුරුෂභාවය ලකුණු කරන තීරයේ “M” (පිරිමි) ලෙස ලැයිස්තුගත කර ඇති අතර “Mr” ලෙසයි සඳහන් කර ඇත්තේ.
මෙම සිදුවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු සංචාරකයා කාන්තාවක් නොවන අතර පිරිමි පුද්ගලයෙකු ලෙස අනන්‍යතාවය හඳුනා ගන්නා තැනැත්තෙකු බවයි එමඟින් අනාවරණය වුණා. විදේශීය ජාතිකයෙකු සම්බන්ධ උඩුකය නිරුවත් සිද්ධියකදී අධිකරණය ස්ත්‍රී පුරුෂ භාවය අර්ථකථනය කළේ කෙසේදැයි ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්ණ කිරීම මතුව තිබෙනවා.
සංචාරකයා හෝටලයක් අසල උඩුකය නිරුවතින් ඇවිද යන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල පළ වීමෙන් පසු උසාවියේදී කාන්තාවක් ලෙස හඳුනාගෙන මෙම සතිය මුලදී අත් අඩංගුවට ගෙන තිබුණා. අශෝභන ලෙස හැසිරීම සහ මහජන කැළඹීමක් ඇති කිරීම යන චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසු 26 හැවිරිදි තායි සංචාරකයාට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර පහක අත්හිටවූ සිර දඬුවමක් නියම කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්ණ කර ඇත්තේ ශ්‍රී ලංකා නීතිය ප්‍රසිද්ධියේ පිරිමින් සඳහා කමිස නොමැතිව හැසිරීම අපරාධයක් ලෙස නොසලකන බැවින් අධිකරණය වරද තීරණය කළේ කෙසේද යන්න පිළිබඳවය.
ශ්‍රී ලංකා නීතිය දැනට පිරිමි, කාන්තා ද්විමය සීමාවෙන් ඔබ්බට ස්ත්‍රී පුරුෂ අනන්‍යතා හඳුනා නොගන්නා බැවින් තීන්දුව නීතියේ වෙනස් අර්ථකථනයකට තුඩු දිය හැකි බව ඒ ඔස්සේ පෙන්වා දී තිබෙනවා.
– dailymirror.lk