ඉරාකයේ සාප්පු සංකීර්ණයක් ගිනිගෙන ජීවිත් 60ක් අළුවෙයි

නැගෙනහිර ඉරාකයේ අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක ඇති වූ දැවැන්ත ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වෙනවා.

ඉරාකයේ පස් මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නේ වීඩියෝ සහ රූප සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදා ගනිමින් පවතී. ගිනි නිවන භටයින් ගින්න පාලනය කිරීමට දැඩි උත්සහයක නිරත වන ආකාරය එම දර්ශන ඔස්සේ දැකගත හැකි වුණා.

පළාත් ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන INA වාර්තා කර තිබුණේ, ගොඩනැගිල්ලේ සහ සාප්පු සංකීර්ණයේ හිමිකරුට එරෙහිව නඩු පවරා ඇති බවයි.

ගින්න ඇති වීමට හේතුව කුමක්දැයි වාර්තා වී නැහැ.

මූලික විමර්ශනයන්හි ප්‍රතිඵල පැය 48ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!