භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු රැස් කරගෙන මුදල් ඉල්ලා බිය ගැන්වූ තායිලන්ත කාන්තාවක් නොබෝ දා අත් අඩංගුවට පත් වුණේ තායිලන්ත බෞද්ධ සංස්කෘතික මූලයන් විනාශ වීම පිළිබඳ බරපතල කණස්සල්ලක්ද මතු කරමිනි.

විත්තිකාරිය විල්වාන් එම්සාවත් නැමති වයස අවුරුදු 30ක කාන්තාවකි. ඇය පසුගිය දා අත් අඩංගුවට පත් වුණේ බැංකොක්හි නොන්තබුරි පළාතේ ඇගේ නිවසේදීය.

මෙම අපකීර්තිය හේතුවෙන් අවම වශයෙන් පැවිදි භික්ෂූන් සහ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා නව දෙනෙකු සිවුරු ගලවා පැවිදි බවින් නෙරපා හැර ඇති බව රාජකීය තායි පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශය පවසා තිබෙනවා.

බලධාරීන් පවසන්නේ ඇය ඉහළ පෙළේ භික්ෂූන් ඉලක්ක කර ඔවුන් ලිංගික සබඳතාවලට පොළඹවාගෙන පසුව ඔවුන්ගේ කටයුතු රහසිගතව තබා ගැනීම සඳහා විශාල කප්පම් ඉල්ලා ඇති බවයි.

විල්වාන්ගේ මූල්‍ය ඉල්ලීම් සපුරාලීම සඳහා භික්ෂූන් වහන්සේලා පන්සල් ගිණුම්වලින් මුදල් ඇය වෙත මාරු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූවකි.

බැංකොක්හි ප්‍රමුඛ පෙළේ භික්ෂුවකගේ හදිසි සහ පැහැදිලි කළ නොහැකි ඉල්ලා අස්වීමෙන් පසුව මෙම සිදුවීම පිළිබඳ අනාවරණය වී තිබුණා.

ඇය ගැබ්ගෙන ඇති බව පවසා නිහඬව සිටීම සඳහා බාත් මිලියන 7.2 ක (ආසන්න වශයෙන් ඩොලර් 222,000) ක දැවැන්ත මුදලක් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම කාන්තාව භයානක කාන්තාවක් ලෙස සලකා අත්ඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර ඇත්තේ ඒ සමඟය.

පොලිසිය පවසන්නේ මෙය හුදෙකලා සිදුවීමක් නොවන බවයි. විල්වාන්ගේ ජංගම දුරකථනවලින් ලැබුණු සාක්ෂිවලින් දස දහස් ගණනක් ඡායාරූප සහ වීඩියෝ මෙන්ම භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු සමඟ සමීප සබඳතාවක් පෙන්නුම් කරන සාක්ෂි හමුවූ අතර ඒවායින් බොහොමයක් බ්ලැක්මේල් කිරීම සඳහා භාවිතා කළ හැකි ඒවා බව වාර්තා වෙනවා.

පසුගිය වසර තුන තුළ, ඇගේ බැංකු ගිණුම්වලට බාත් මිලියන 385 ක් (දළ වශයෙන් ඩොලර් මිලියන 11.9 ක්) පමණ ලැබී ඇති බව සඳහන්ය. එයින් වැඩි ප්‍රමාණයක් පන්සල් අරමුදල් භාවිතා කරමින් භික්ෂූන් විසින් ඇගේ ගිණුම්වලට මාරු කළ ඒවා බව තහවුරු වී තිබෙනවා.

බරපතල චෝදනාවක් එල්ල වුවද ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශයක් කර නොමැති බව වාර්තා වෙනවා. ඇයට නීතිමය සහායක් තිබේද යන්න පැහැදිලි නොමැති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

මෙය තායි නිර්මල බුද්ධාගම අර්බුදයකට ලක් කළ සිදුවීමකි.

භික්ෂූන් සඳහා වන බ්‍රහ්මචර්යා නීතිය උල්ලංඝනය කිරීම රටේ ආගමික ආයතන අර්බුදයට පත් කර තිබෙනවා. බෞද්ධ පන්සල් හා ආරාමවල මූල්‍ය හා භික්ෂු හැසිරීම පිළිබඳ බරපතල ප්‍රශ්න උද්ගත කිරීමටද මෙම සිදුවීම බලපෑම් කරමින් පවතී.

තායි භික්ෂූන් බොහෝ දුරට ථෙරවාද නිකායේ සාමාජිකයින් වේ. එමඟින් ඔවුන් බ්‍රහ්මචාරී විය යුතු අතර කාන්තාවක් ස්පර්ශ කිරීමෙන් පවා වැළකී සිටිය යුතුය.

භික්ෂූන් සම්බන්ධ මෙවැනි අපකීර්තිමත් සිදුවීම් තායිලන්තයේ වසරකට කිහිප වතාවක් මතුවන නමුත් සාමාන්‍යයෙන් පූජක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඒවාට සම්බන්ධ වන්නේ කලාතුරකිනි. මෙම සිදුවීම භික්ෂූන් විසින් පාලනය කරනු ලබන පන්සල්වලට පරිත්‍යාග කරන ලද විශාල මුදල් ප්‍රමාණය පිළිබඳවද ප්‍රශ්න මතු කරන්නකි.

Latest News

More like this

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

ඉරාකයේ සාප්පු සංකීර්ණයක් ගිනිගෙන ජීවිත් 60ක් අළුවෙයි

නැගෙනහිර ඉරාකයේ අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක ඇති වූ දැවැන්ත...

ගාසා හි එක් දිනක් තුළ ළමුන් 10 දෙනෙකුට දෙපා අහිමි වේ

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීන දරුවන් 10...

ලෝක ප්‍රසිද්ධ Tomorrowland වේදිකාව ගිනි ගනී…

ලෝක ප්‍රසිද්ධ බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගයට දින දෙකකට පෙර...
error: Content is protected !!