අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක් වන කෘෂිකාර්මික භාණ්ඩවලින් 80% ප්‍රමාණයක් සඳහා සියයට බින්දුවක් දක්වා වන තීරු බද්දක් ලබා ගැනීමට හැකිවනු ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රූපවාහිනී වැඩසටහනක් අතරතුර බදු අඩු කර ගැනීම සඳහා අමෙරිකාව සමඟ පවත්වනු ලබන වර්තමාන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ සඳහන් කරමිනි.

කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රික ගණුදෙනුවක් බැවින් ඒ සඳහා එකඟවන කොන්දේසි පිළිබඳ දැනට හෙළිදරව් කළ නොහැකි බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඇමරිකාව විසින් මුලින් පනවන 44%ක් වූ තීරු බදු ප්‍රමාණය 30%ක් දක්වා පහළ දැමු අතර ඇමරිකාව සමග එකඟ වූ කාරණා මේ මොහොතේ හෙළි කිරීමට නොහැකි බවයි ඔහු සඳහන් කර සිටියේ.

දෙපාර්ශවය අතර තවදුරටත් සාකච්ඡා පවත්වාගෙන යන බවත් අවසන් එකඟතා ගිවිසුමකට එළඹුණු පසු එකී කාරණා හෙළි කළ හැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා.

ඇමෙරිකාවෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩවල සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 300 ක් පමණ වන බව පැවසූ ඔහු එම භාණ්ඩවල තීරුබදු අනුපාතයන් පහළ හෙළුවා කියා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් සිදු නොවනු ඇති බවද වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...