හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකු සහ දරුවන් හත් දෙනෙකු වෙනුවෙන් කාලයක සිට රජයෙන් විශ්‍රාම වැටුප් ගෙවන බව ආරංචි මාර්ග පවසනවා.
පසුගිය වසරේදී පමණක් ඔවුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමට රජය රු කෝටි 36ක මුදලක් වැය කර තිබෙන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශ වාර්තාවල දැක්වෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 325 දෙනෙකු හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකු හා හිටපු මන්ත්‍රීවරුන්ගේ දරුවන් හත් දෙනෙකු ඒ අතරට ඇතුළත් ය.
මේ අනුව හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් පසුගිය 2018 වර්ෂයේ සිට පසුගිය වර්ෂය දක්වා රුපියල් කෝටි 218 ක් පමණ වැය කර තිබෙනවා.
2018 වර්ෂයේදී කෝටි 21කට වැඩි මුදලක්ද 2020 වර්ෂයේදි කෝටි 35කට වැඩි මුදලක්ද 2021 වර්ෂයේදී කෝටි 31කට වැඩි මුදලක්ද 2022 වර්ෂයේදී කෝටි 33කට වැඩි මුදලක්ද 2023 වර්ෂයේ කෝටි 32කට වැඩි මුදලක්ද හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප ලෙස ගෙවා ඇති බව සඳහන් වෙනවා.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බවට රජය මුලින් ප්‍රකාශ කර ද මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් විශ්‍රාම වැටපු ගෙවීම දිගටම කරගෙන යන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා තිබෙනවා.
විශ්‍රාම වැටුප එසේ අහෝසි කරනු ලැබුවහොත් වර්තමාන පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ටද විශ්‍රාම වැටුප අහිමි වෙනවා.