ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30 ක තීරුබදු වලින් සහනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා වලදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය පියවීම යොදාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

“වොෂින්ටනයට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ISB හිමියන්ට සිය ණය ගෙවීමයි. කෙසේ වෙතත් අපේ ආර්ථිකය කඩා වැටුණොත් මෙය කළ නොහැකි වනු ඇත” හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහාචාර්ය සරත් රාජපතිරණ විසින් රචිත ‘ප්‍රතිපත්තිමය ගෝලීයකරණ අභියෝග’ (Policy Challenges of Globalisation) කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

“එබැවින් එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේදී මෙම කරුණ මතු කළ යුතුය. ශ්‍රී ලංකාවට දැනටමත් එක්සත් ජනපදය විසින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබෙනවා. මෙම ගැටලුව පුළුල් සාකච්ඡාවේ කොටසක් විය යුතුය” ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ට්‍රම්ප් පරිපාලනය යටතේ වෙළඳ ක්‍රියාමාර්ගවලින් පීඩාවට පත් වූ වියට්නාමය සහ බංග්ලාදේශය වැනි රටවල් ශ්‍රී ලංකාවට වඩා වේගයෙන් දියුණු වන බවද ඔහු පෙන්වා දුන්නා. “අනිත් අය ඉදිරියට යන විට ශ්‍රී ලංකාව තවමත් අරගල කරමින් සිටිනවා.”

වත්මන් රජයට ඇමරිකාව සමඟ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් ලබා දෙන්නේදැයි විමසූ විට වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වමින්, “තේරුමක් නැහැ.. ඔවුන් එය පිළිගන්නේ නැති බව මම දන්නවා” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දී තිබුණා.

චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා. චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුලපිරීම, ජපානයේ ආසියා-පැසිෆික් උපාය මාර්ගය සහ ඉන්දියාවේ ඉන්දියානු සාගර රාමුව සමඟ පෙළ ගැසීමේ අවශ්‍යතාවයද ඔහු මෙහිදී මතු කරනු ලැබුවා.

Latest News

More like this

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...

ඉරාකයේ සාප්පු සංකීර්ණයක් ගිනිගෙන ජීවිත් 60ක් අළුවෙයි

නැගෙනහිර ඉරාකයේ අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක ඇති වූ දැවැන්ත...
error: Content is protected !!