අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා ගාලු මුවදොර පිටියේදී සිදු වූ අරගලයේදී ඇති වූ ප්‍රචණ්ඩක්‍රියාවලින් නිවාස සහ දේපළවලට සිදුවූ හානි වෙනුවෙන් හිටපු මැති ඇමතිවරු පිරිසකට පසුගිය රජය විසින් නීති විරෝධී ලෙස මහජන මුදල් වන්දි වශයෙන් ගෙවා ඇති බවට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නොවැම්බර් 13 වන දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

මෙම වන්දි ගෙවීම් වලදී මහජන මුදල් අවභාවිතා වී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර, නීති විරෝධී ලෙස ගෙවා ඇති මුදල් නැවත අයකර ගැනීමට නියම කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ ආචාර්ය නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා විසිනි.

මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...