රූගත කිරීමක් අතරතුර ෂාරුක්ට අනතුරක්… ශ්‍රී ලංකා සංචාරය කැන්සල් වූ හේතුව මෙන්න

බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් ඔහුගේ කිං චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර හදිසි අනතුරකට ලක් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

එම වාර්තා සඳහන් කරන ආකාරයට කිං ඛාන් මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ ස්ටුඩියෝවේ දැඩි ක්‍රියාදාම දර්ශනයක් රූ ගත් කිරීමක් අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

අනතුරෙන් ඔහු තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

නමුත් ඔහුගේ තත්ත්වය සහ එය සිදුවූ ආකාරය මාධ්‍ය වෙත අනාවරණය කර නැහැ.

වාර්තාවන ආකාරයට ෂාරුක් සහ ඔහුගේ කණ්ඩායම ප්‍රතිකාර සඳහා ගොස් ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයටය.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොමැති බව වාර්තාවල දැක්වෙනවා. මාංශ පේශි ආබාධයක් පමණක් සිදුව ඇති බව සඳහන්ය. මාසයක විවේකයක් ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් ඔහුට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙනවා.

ඒ අනුව කිං චිත්‍රපටයේ රූගත කිරීම් සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදී නැවත ආරම්භ කිරීමට නියමිතය.

ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවේ සිටිඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ද සහභාගී වීමට නියමිතව සිටි අතර නොවැළැක්විය හැකි හේතුවක් මත එය අවලංගු කර ඇති බව දන්වා තිබුණා.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...